ක්ෂණික ආහාර වෙළඳ දැන්වීම් ඔස්ට්‍රේලියාවේ තහනම් කරන්න යයි

කුඩා දරුවන් ඉලක්ක කරගත් ක්ෂණික ආහාර වෙළඳ දැන්වීම් ප්‍රචාරණය තහනම් කිරීමේ යෝජනාවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

ළමුන් අතර ස්ථුලභාවය අඩු කිරීමයි එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමුන් අතුරින් 1/4 ක් පමණ ස්ථුලභාවයෙන් පෙළෙන බවත් ක්ෂණික ආහාර පරිභෝජනය ඊට ප්‍රධාන හේතුවක් බවත් මෑතකදී නිකුත්වූ වාර්තාවක සඳහන්.

ඔවුන් වෙනුවෙන් වසරකට ඩොලර් බිලියන 11.8 ක සෞඛ්‍යය පිරිවැයක් දැරීමට ෆෙඩරල් රජයට සිදුවන බවටයි තක්සේරු කර ඇත්තේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති යෝජනාවේ සඳහන් වන්නේ කුඩා ළමුන් ඉලක්ක කරගත් ක්ෂණික ආහාර දැන්වීම් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයේ ප්‍රචාරයද වහා අත්හිටුවිය යුතු බවයි.

වසරකදී නිෂ්පාදන 800 ක් පමණ මෙලෙස ප්‍රචාරණය සිදුකරන බවටයි වාර්තා වන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »