දින 60 ඖෂධ සහනය නිසා ෆාමසි රැකියා 20,000 කට බලපෑම්

එකවර දින 60 කට සරිලන ඖෂධ මිළයට ගත හැකි වන පරිදි ෆෙඩරල් රජය විසින් හඳුන්වාදුන් නව සංශෝධනයත් සමග ඔසුසැල් රැසක දැඩි ඖෂධ හිගයක් නිර්මාණය වී තිබෙනවා.

දුෂ්කර ප්‍රදේශවල එම තත්වය වැඩි වශයෙන් දැකගත හැකි බවයි ඔසුසැල් හිමියන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වයත් සමග ඔසුසැල් ක්ෂේත්‍රයේ රැකියා සඳහාද බලපෑම් එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඖෂධ හිගය හමුවේ ඇතැම් ෆාමසි වසා දැමීමට එම හිමිකරුවන් කටයුතු කරමින් සිටීම ඊට හේතුවයි.

රැකියා 20,000 කට පමණ මෙම තත්වය බලපානු ඇති බවටද අනතුරු අගවා තිබෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »