ඔස්ට්‍රේලියා ආර්ථික වර්ධනය පහළ යන ළකුණු

මෙම වසරේ අවසානය වනවිට ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය අපේක්ෂා කල මට්ටමට වඩා පහළ අගයක් ගනු ඇති බවට ප්‍රධාන බැංකු 04 අනාවැකි පළකරනවා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව ආරථික අවපාතයකට ගමන් නොකරනු ඇති බවටයි ඔවුන් පුරෝකථනය කර සිටින්නේ.

මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ අග භාගයේදී සියයට 1.5 ක් ලෙස පවතිනු ඇති බවත් එය ලබන වසර පුරාම පවතිනු ඇති බවටත් ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකර තිබුණා.

කෙසේවෙතත් ඉදිරි වසර 1 1/2 සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 01 කට තරමක් වැඩි අගයක් පමණක් සටහන් කරනු ඇති බවයි ප්‍රධාන බැංකු 04 ම නිකුත් කර ඇති ආර්ථික පුරෝකථනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ඉදිරියේදී ඇතිවන ලෝක ප්‍රවණතා මත ඇතැම්විට එම අග සියයට 0.6 දක්වා පමණ අඩුවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »