Search

ACT පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

ACT ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසර 05 සඳහා අමතර ඩොලර් මිලියන 107 ක මුදලක් ACT පොලිසිය වෙත හිමිවනු ඇති.

ජනගහනයට සාපේක්ෂව අඩුම පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිටින ප්‍රාන්තය ලෙස හඳුනාගෙන ඇත්තේ ACT ප්‍රාන්තයයි.

එහි පුද්ගලයන් 100,000 කට සිටිනුයේ පොලිස් නිළධාරීන් 205 දෙනෙකු පමණක් බව සඳහන්.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුගේ ආරක්ෂාව සඳහා ඩොලර් 574.57 ක මුදලක් වෙන් කල යුතුව ඇතත් ACT හි එම අගය ඩොලර් 452.67 ක් වැනි පහළ අගයක පවතින බවටයි තක්සේරු කර ඇත්තේ.

අදාල මුදල් ප්‍රතිපාදන මගින් ACT ප්‍රාන්ත පොලිසියට නව උපකරණ මිළදී ගැනීමටද අපේක්ෂිතයි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »