Search

සිඩ්නි රාත්‍රී විනෝදාස්වාදය වැඩිදියුණු කරන්න යයි

සිඩ්නි නගරයේ උප නාගරික ප්‍රදේශ 21 ක සංචාරක ක්‍රියාකාරකම් නංවාලීමට ඩොලර් ලක්ෂ 02 ක් බැගින් ලබාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

රාත්‍රී විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

චීන – කොරියානු සහ ඉන්දියානු සංචාරකයන් ඉලක්ක කර මෙම නව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

අදාළ ප්‍රදේශවල අවන්හල් සහ රාත්‍රී සමාජ ශාලා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යාම වෙනුවෙන්ද ප්‍රතිපාදන ලබාදෙනු ඇති.

එසේම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද ප්‍රධාන අරමුණු අතර වනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »