Search

බ්‍රිතාන්‍යයේ සංචාරයේදී ඔස්ට්‍රේලියානුවන්ටත් ETA අනිවාර්ය කරයි

මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ටද ETA හෙවත් ඉලෙක්ට්‍රොනික සංචරණ අධිකාරී බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යය හරහා වෙනත් රටකට ගමන් කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍ර හිමි මගීන්ටද මෙම නියමය බලාත්මක වනු ඇති.

මෙතෙක් කිසිදු පූර්ව වීසා බලපත්‍රයකින් තොරව මහා බ්‍රිතාන්‍යයට ඇතුලුවීමට ඔස්ට්‍රේලියානුවන්ට පැවති අවස්ථාව මේ අනුව අහිමිවනවා.

තම රටට ඇතුලුවන විදේශිකයන් පිළිබඳ සමීපව නිරීක්ෂණය කිරීමේ අරමුණ ඇතිවයි මහා බ්‍රිතාන්‍යය විසින් ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 50 කට බලපැවැත්වෙන පරිදි මෙම නව නියමය පණවා ඇත්තේ.

ETA අවසර බලපත්‍රයක් සහිත ඕනෑම අයෙකුට උපරිම මාස 06 ක කාලයක් දක්වා මහා බ්‍රිතාන්‍යයේ ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට අවසර හිමිවනවා.

මේ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 18 ක් හෙවත් ස්ටර්ලින් පවුම් 18 ක මුදලක් වැය කිරීමට ද සිදුවනු ඇති.

SOURCE : https://www.9news.com.au/national/electronic-travel-authorisation-eta-australians-travelling-to-uk/4faebb66-81b4-4bdc-9b40-5c4ee406801c

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »