
බීමත්ව රිය පැදවීමේ චෝදනාවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී දඩ පත්‍රිකා නිකුත් කර ඇති රියදුරන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
2021 වසරේදී 16,054 දෙනෙකු එලෙස හඳුනාගෙන තිබූ නමුත් පසුගිය වසරේදී එය 16,499 දක්වා ඉහළ ගොස් තිබූ බවයි අද නිකුත් කෙරුණු සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
මින් 3,493 දෙනෙකුගේම රුධිරයේ ඇල්කොහොල් මට්ටම අවධානම් සහගත ඉහළ මට්ටමක පැවතී තිබී ඇති බවද සඳහන්.

රියදුරන් 880 දෙනෙකු බීමත්ව රිය පැදවීමේ චෝදනාවට අවස්ථා එකකට වැඩි සංඛ්‍යාවකදී පොලිස් නිරීක්ෂණයට ලක්ව ඇති අතර රියදුරන් 15 දෙනෙකු අවස්ථා 04 කදීත් 03 දෙනෙකු අවස්ථා 05 කදීත් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.
2050 වසර වනවිට මාරක රිය අනතුරු මරණ සහ බරපතල තුවාල සිදුවීම් සංඛ්‍යාව 0 දක්වා ගෙන ඒමයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ අරමුණ වී ඇත්තේ.
