
ස්වදේශික ජනතා හඩ සඳහා පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමේ ජනමත විචාරණ යෝජනාවට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවද අනුමැතිය දී තිබෙනවා.
යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් හිමිවූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 19 ක් පමණයි.
මේ අනුව වසර 20 කට වැඩි කාලයකින් පසු ජනමත විචාරණයකට සහභාගීවිමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනු ඇති.

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් මීළගට ජනමත විචාරණ දිනය නම් කල යුතු අතර මාස 02 ත් මාස 06 ත් අතර වකවානුවේදී එය පැවැත්විය යුතුයි.
ඒ අනුව බොහෝදුරට ලබන ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී මෙම මත විමසීම පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඇබොරිජීන් ඇතුලු ස්වදේශික ජනතාවට බලපාන කරුණුවලදී ෆෙඩරල් රජය සහ රාජ්‍ය ආයතන සඳහා උපදෙස් දීමේ මණ්ඩලයක් ස්ථාපිත කිරීමයි ස්වදේශික හඩ ජනතා නියෝජනය මගින් අපේක්ෂා කෙරෙන්නේ.
අවසන්වරට ඔස්ට්‍රේලියාව තුළදී ජනමත විචාරණයක් පවත්වා ඇත්තේ 1999 වසරේදී වන අතර ඔස්ට්‍රේලියාව ජනරජයක් විය යුතුද යන්න එහිදී විමසා තිබුණා.
කෙසේවෙතත් එම යෝජනාව පරාජයට පත්ව තිබුණා.
ඉදිරියේදී පැවැත්වෙන ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණ යෝජනාව සම්මතවීමට නම් සමස්ත රටෙන් බහුතර ඡන්ද සංඛ්‍යාවක් මෙන්ම ප්‍රාන්ත අතුරින් බහුතරයකින්ද එය අනුමත විය යුතුයි.