වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක ගල් අගුරු මෙහෙයුම් සඳහා බලපෑම්

දේශගුණ ක්‍රියාකාරීන්ගේ විරෝධතා මාලාවක් හේතුවෙන් ප්‍රාන්ත 03 ක ගල් අගුරු ප්‍රවාහන මෙහෙයුම් සඳහා බලපෑම් එල්ල වී තිබෙනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ප්‍රධාන වරායන් හි ගල් අගුරු ගොඩබෑම්වලට මෙන්ම මහා මාර්ග ඔස්සේ ඒවා ප්‍රවාහනය කරන ට්‍රක් රථවලට මෙහිදී බාධා එල්ල වී ඇති බව සඳහන්.

පළමුවෙන් නිවු කාසල් වරායේ මෙම විරෝධතාව ආරම්භ වී ඇති අතර අනතුරුව බ්‍රිස්බන් සහ මෙල්බන් නගරවලද ඒවා ආරම්භ වී තිබෙනවා.

මෙම විරෝධතා හමුවේ දකුණු අර්ධගෝලයේ 04 වන විශාලතම වරාය ලෙස සැළකෙන මෙල්බන් වරායේ මෙහෙයුම් කටයුතු අද පෙරවරුවේ අඩාල වී පැවති බව සඳහන්.

මේ අතර වාහන කිහිපයක් එකිනෙක ගැටීම හමුවේ සිඩ්නි M2 අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

පුද්ගලයන් 06 දෙනෙකු මෙහිදී තුවාල ලබා තිබුණා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »