Search

ශ්‍රී ලංකා පළමු සුදුසුකම් තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අද සිම්බාබ්වේ හිදී පැවැත්වෙනවා.

එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30 ට හෙවත් මෙල්බන් වේලාවෙන් පස්වරු 05 ට ආරම්භ වනු ඇති.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

කණ්ඩායම් 10 ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වදින අතර අදාළ තරග 34 හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදිනවා.

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යි තරග වදින්නේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගට අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »