ඔස්ට්‍රේලියාවේ උපාධියක් අවසන්කර පළමු වසරේදීම ස්ථිර රැකියාවක් ලැබෙන ක්ෂේත්‍ර

ශල්‍ය වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය උපාධියක් හදාරා ඇති සරසවි සිසුන්ට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර පළමු වසරේදීම ඩොලර් ලක්ෂයක පමණ වැටුපක් උපයා ගත හැකි බව අනාවරණය වී තිබෙනවා.

2021 මාර්තු සහ 2022 පෙබරවාරි අතර කාලයේදී සරසවි අධ්‍යාපනය අවසන් කල උපාධිධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුවයි මෙම දත්ත ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මීට අමතරව සමාජ සේවා උපාධියක් හදාරා අවසන් කරන අයෙකුට පළමු වසර තුළදී ඩොලර් 75,000 ක පමණ මධ්‍යයන වැටුපක් උපයාගත හැකි බවද අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සංචාරක – ආගන්තුක සත්කාර – ක්‍රීඩා සහ කලා යන උපාධි හැදෑරු පිරිස රැකියාවේ පළමු වසරේදී උපයනු ලබන්නේ ඩොලර් 52,000 ත් 56,000 ත් අතර වැටුපක් බවද සඳහන්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධි හැදෑරුවන් අතුරින් සියයට 96 ක් පමණ මාස 12 ක් ගතවීමට පෙර ස්ථිර රැකියාවක් සොයාගැනීමට සමත්වන බවද තහවුරු වී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »