සේවක හිගය නිසා childcare මධ්‍යස්ථානවලට ගන්නා දරුවන් සීමා කෙරේ

සේවක හිගය හමුවේ ඔස්ට්‍රේලියාවේ childcare මධ්‍යස්ථානවලින් අඩක් පමණ ඇතුළත් කරගන්නා දරුවන් සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ එක් සතියක් තුළදී පමණක් සමීක්ෂණයට භාජනය කල මධ්‍යස්ථාන 627 ක් විසින් දරුවන් 16,300 දෙනෙකු බඳවා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි තහවුරු වී ඇත්තේ.

නියමිත සේවක සංඛ්‍යාව නොමැතිවීම හමුවේ නියමිත දරුවන් ගණන රැකබලාගැනීමට නොහැකිවීම මත මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශවලින් සියයට 82 ක පමණ පහසුකම් නොමැති බවයි.

එය ළමුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි වසර 05 තුළදී ඔස්ට්‍රේලියාවේ සේවකයන් 30,000 ක පමණ හිගයක් පවතිනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »