වික්ටෝරියා ගෑස් සැපයුම අඩකින් අඩුවන ළකුණු

ඉදිරි මාස 18 තුළදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සපයන ගෑස් සැපයුම අඩු කිරීමට සිදුවනු ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධානම ගෑස් සැපයුම්කරු අනතුරු අගවනවා.

ඔවුන්ගේ ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානවලින් අඩක් පමණ ක්‍රියා විරහිත කිරීමට සිදුවී තිබීමයි ඊට හේතුව වන්නේ.

ඔස්ටේ්‍රලියාවේ වැඩිම ගෑස් පරිභෝජනයක් ඇති ප්‍රාන්තය වන වික්ටෝරියාවට මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

2010 වසරේදී 122 ක් ලෙස පැවති ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථාන සංඛ්‍යාව මේ වනවිට 68 ක් දක්වා අඩුවී ඇති අතර ඉදිරියේදී එය තවත් අඩකින් පමණ අඩුවනු ඇති බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් නිෂ්පාදනයෙන් සියයට 70 ක් පමණ අපනයනය කෙරෙන අතර ප්‍රාන්තවාසීන්ට බලපෑමක් සිදුනොවීම සඳහා එය නතරකර දේශීය සැපයුම ඉහළ නැංවිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් අවධාරණය කර තිබුණේ ප්‍රාන්තවාසීන්ට කිසිදු ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »