මෙල්බන් ක්‍රවුන් කැසිනෝ ආයතනයට තවත් $ මිලියන 20 ක දඩයක්

බදු ගෙවීම්වලදී වැරදි සහගත ලෙස ගණනය කිරීම් හේතුවෙන් මෙල්බන් ක්‍රවුන් කැසිනෝ ආයතනයට තවත් ඩොලර් මිලියන 20 ක දඩයක් පණවා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත සූදු සහ කැසිනෝ නියාමන කොමිසම විසිනුයි පසුගිය වසර 02 ට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අනුව බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුලු චෝදනා කිහිපයක් මත මෑතකාලීනව ක්‍රවුන් කැසිනෝ ආයතනය වෙත පණවා ඇති සමස්ත දඩ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 450 කට ආසන්න වී තිබෙනවා.

මින් වැඩිම බදු මුදලක් අයවීමට නියමිතව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත රජයටයි.

ක්‍රවුන් කැසිනෝ ආයතනය තුළ සිදුව ඇති අක්‍රමිකතා විමර්ශනයට රාජකීය කොමිසමක්ද ෆෙඩරල් රජය විසින් පත් කරනු ලැබ තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »