අමතර ප්‍රජා නිවාස 9,000 ක් ඉදි කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 02 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි සති 02 තුළදී සියලුම ප්‍රාන්ත රජයන් වෙත මෙම මුදල් බෙදා හැර අවසන් කරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කලේ.
සංක්‍රමණිකයන්ගේ පැමිණිම ඉහළයාමත් ජනගහණය වර්ධනය වීමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රජා නිවාස සඳහා ඇති ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ලේබර් රජය විසින් දැනටමත් ඒ සඳහා ඩොලර් මිලියන 575 ක මුදලක් වෙන් කර අවසන් බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.
මිළ අඩු කුළී නිවාස ඉදි කිරීම් ව්‍යාපෘතියක් සඳහා ප්‍රාන්ත රජයන් සමග සාකච්ඡා ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.