2022 දී සංක්‍රමණිකයන් 619,600 ක් ඔස්ට්‍රේලියාවට

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා ජනගහණයේ ඉහළයාම සියයට 1.9 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වනවිට මෙරට ජනගහණය මිලියන 26.3 ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

ගතවූ වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහණය 496,800 කින් ඉහළ ගොස් ඇති අතර එය 2008 වසරට පසු තනි වසරකදී සටහන්වූ ඉහළම සංඛ්‍යාවද වනවා.

2022 දී සංක්‍රමණිකයන් 619,600 ක් මෙරටට පැමිණ ඇති අතර 232,600 ක් පමණ රටින් බැහැර වී තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේදී සංක්‍රමණික ප්‍රජාවේ ඉහළයාම 387,000 ක් පමණ වනවා.

උපත් 307,700 ක් සහ මරණ 190,900 ක් සටහන්වී ඇති අතර ඒ අනුව අලුතින් එකුවූ පිරිස 109,800 කට ආසන්නයි.

සංක්‍රමණික ප්‍රජාවේ සිදුවූ ඉහළයාම වන 387,000 සහ ශුද්ධ උපත් සංඛ්‍යාව වන 109,800 හි එකතුවෙනුයි ගතවූ වසර තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහණයේ වැඩිවීම වන 496,800 සකස් වන්නේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »