
ඉදිරි වසර 04 සඳහා දකුණු ඔස්ට්‍රේලියානු Food bank වෙත ඩොලර් මිලියන 02 ක මුදලක් වෙන් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම හමුවේ සිය සේවා පවත්වාගෙන යාම අසීරු බවට ඔවුන් විසින් අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණා.
මීට අමතරව පාසල් උදාසන ආහාරය වෙනුවෙන් ඩොලර් මිලියන 6.5 ක මුදලක්ද හදිසි ආහාර ආධාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4 ක මුදලක්ද වෙන් කිරීමටයි මෙවර ප්‍රාන්ත අයවැයෙන් යෝජනා කර ඇත්තේ.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් Food bank වෙත යොමුවීම ඉහළ ගොස් ඇතැයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණා.
https://www.abc.net.au/news/2023-06-16/foodbank-sa-two-million-cost-of-living/102489232
