Search

අවුරුදු 10 ක ඔස්ට්‍රේලියානු දරුවන් පවා ලිංගික අපරාධවල ගොදුරු කරගැනීමේ ප්‍රවණතාවයක්

වයස අවුරුදු 10 ක් වැනි කුඩා ඔස්ට්‍රේලියානු දරුවන් පවා අන්තර්ජාල ක්‍රීඩා සහ සමාජ මාධ්‍ය ඇප්ලිකේෂන හරහා ලිංගික අපරාධ වෙත යොමු කරවා ගන්නා බවට අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර මුදල් ලබාගැනීම් ඉන් ප්‍රමුඛ වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 03 තුළදී මෙවැනි සිදුවීම් 03 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවටද තහවුරු කරගෙන තිබෙනවා.

පසුගිය වසරේදී පළමු කාර්තුවේදී එවැනි සිදුවීම් 600 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වාර්තාවී ඇතත් මේ වසරේ පළමු කාර්තුවේදී සිදුවීම් 1,700 ඉක්මවා ගිය සංඛ්‍යාවක් සටහන් වී ඇති බව සඳහන්.

කුඩා දරුවන් අන්තර්ජාල පරිහරණයේදී දෙමව්පියන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මෙමගින් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »