
2025 වසරේ සිට ආරම්භ කිරීමට නියමිත සිඩ්නි – නිව්යෝර්ක් පැය 19 ක ගුවන් ගමන පිළිබඳ තොරතුරු ක්වන්ටාස් ගුවන් සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලන්ඩන් හරහා මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.
A-350 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යෙදවීමට නියමිත බව ක්වන්ටාස් සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් අනාවරණය කලා.

කෙසේවෙතත් පිරිමැසුම්දායක පන්තියේ මගී ආසනවල සුවපහසු භාවයද එහිදී වැඩි දියුණු කර ඇත්තේ පැය 19 ක් වැනි දීර්ඝ වේලාවක් ගත කිරීමට පහසුවන ආකාරයෙනුයි.
මීට අමතරව ගුවන් මගීන්ට විවේකයෙන් සිටීම සඳහා අවශ්‍ය කරන පහසුකම් කිහිපයක් සඳහාද ගුවන් යානය නවීකරණයට ලක් කිරීමටයි ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

මෙම සිඩ්නි – නිව්යෝර්ක් ගුවන් ගමන ලොව වැඩිම කාලයක් ගතවන ගුවන් ගමන බවටද පත්වීමට නියමිතයි.