
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අළු බදුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.
ඒ එංගලන්තයේ බර්මින්හැම්හිදී යි.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අයි සී සී ලෝක ශූරතා තරගාවලියට ද අයත් තරගයක් ලෙසටයි.

මෙම ටෙස්ට් තරගාවලියට තරග 05 ක් ඇතුළත්.
2021 වසරේ සිට එංගලන්තය සමග අවසන් වරට පැවැති ටෙස්ට් තරග 05 න් 04 ක් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.
