Search

හන්ටර් වැලි මාරක අනතුරේ බස් රථය අයත් සමාගමේ තවත් බස්වල දෝෂ රැසක්

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවූ නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේ බස් අනතුරට සම්බන්ධ බස් රථය අයත් සමාගමේ වෙනත් බස් රථ කිහිපයක් පොලිසිය විසින් පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී බස් රථ 20 කට ආසන්න සංඛ්‍යාවක් එලෙස පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන්.

අනාරක්ෂිත ආසන – ආසන පටි දෝෂ – තිරිංග ක්‍රියාත්මක නොවීම වැනි විවිධ දෝෂ හඳුනාගත් බස් රථ සම්බන්ධයෙන් නිවේදන 09 ක්ද එහිදී නිකුත් කර තිබෙනවා.

යළි ධාවනයට එක් කිරීමට පෙර එම සියලු දෝෂ නිවැරදි කර බළධාරීන්ගේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වනු ඇති.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ කිහිප දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »