Search

ඔස්ට්‍රේලියා සෙනෙට් සභිකයාට පැය 48 කදී ලිංගික අතවර චෝදනා 03 ක්

ලිංගික අතවර සිදුකල බවට කාන්තාවන් 03 දෙනෙකු විසින් කර ඇති චෝදනා හමුවේ සෙනෙට් සභික ඩේවිඩ් වෑන් වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂ නායක පීටර් ඩටන් අවධාරණය කරනවා.

පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ එල්ලවූ මෙම චෝදනා සුලු කොට තැකිය නොහැකි බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

ස්වාධීන මන්ත්‍රීනී ලිඩියා තෝර්ප් විසින් පෙරේදා දිනයේදී පළමුවරට මෙම චෝදනා එල්ල කල අතර ඊයේ දිනයේදී ලිබරල් සෙනෙට් සභික ඇමැන්ඩා ස්ටෝකර් විසින් ද එවැනිම චෝදනාවක් එල්ල කලා.

සෙනෙට් සභික ඩේවිඩ් වෑන් විසින් තමන්ට ලිංගික අතවර සිදුකල බවට නම හෙළි කල නොහැකි තවත් කාන්තාවක්ද විපක්ෂ නායකවරයාට පැමිණිලි කර තිබෙනවා.

මෙම සියලු චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නිවැරදිකරු වන තුරු සෙනෙට් සභික ධුරයෙන් තාවකාලිකව හෝ ඉල්ලා අස්වීම සෙනෙට් සභික ඩේවිඩ් වෑන් ගේ වගකීම විය යුතු බවයි විපක්ෂ නායක පීටර් ඩටන් සඳහන් කරන්නේ.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »