Search

වික්ටෝරියා අගමැති ධුරයේ වෙනසක් ? ඇත්තම කථාව මෙන්න

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඩැනියෙල් ඇන්ඩෲස් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට පළවී ඇති වාර්තා ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කරනවා.

නියෝජ්‍ය අගමැතිනී ජසින්ටා ඇලන් අගමැති තනතුරේ දිව්රුම් දීමේ සූදානමක් ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී තිබුණේ.

කෙසේවෙතත් මෙම තනතුරු හුවමාරුව මෑතකදී සිදුනොවනු ඇති බවත් තවත් මාස කිහිපයකින් පසු සිදුවනු ඇති බවටත් එම වාර්තාවල තවදුරටත් සඳහන් වුණා.

එහෙත් වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ අවස්ථා 02 කදී ලේබර් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගිය ඩැනියල් ඇන්ඩෲස් තවදුරටත් ප්‍රාන්ත අගමැති ධුරයේ රැඳී සිටිනු ඇති බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමටද ඩැනියල් ඇන්ඩෲස් සමත් වුණා.