Superannuation ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද බවට ලැබෙන පැමිණිලි ඉහළට

Superannuation හිමිකම් ලැබීම් ප්‍රමාදවන බවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජූනි පළමුවනදා සිට මෙම වසරේ මැයි 31 වනදා දක්වා කාලය තුළ එලෙස ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,575 ක්.

එය පෙර වසරට වඩා පැමිණිලි සංඛ්‍යාව සියයට 18 කින්ද – 2021 වසරට වඩා පැමිණිලි සංඛ්‍යාව සියයට 14 කින්ද ඉහළයාමක් බවයි ඔස්ට්‍රේලියානු මූල්‍යකරණ ඔම්බුඩ්ස්මන් කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.

මෙලෙස ප්‍රතිලාභ ගෙවීම්වල ප්‍රමාදයක් පැවතීමට සාධාරණ හේතු ඇතිදැයි විමසා බැලීමට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ජීවන වියදම ඉහළයාම හමුවේ විශ්‍රාමිකයන් විශාල පිරිසක් Superannuation හිමිකම් ඉල්ලා සිටීමේ ප්‍රවණතාවයක්ද පවතිනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »