නිවසේ සිට රාජකාරි කරන්නැයි මෙල්බන් බටහිර නගරවාසීන්ට දැනුම්දීමක්

මහා මාර්ග සහ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු හමුවේ හැකිනම් ඉදිරි සති කිහිපය තුළ නිවසේ සිට රාජකාරි කරන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙල්බන් බටහිර නගරවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පොදු ප්‍රවාහන සේවා අවම වීම මගින් මාර්ගවල ඇතිවිය හැකි තදබද වළක්වා ගැනීම එහි අරමුණ බවයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය බෙන් කැරොල් සඳහන් කලේ.

ජූනි 23 වනදා සිට ජූලි 09 වනදා දක්වා බටහිර මෙල්බන් දක්වා කිසිදු දුම්රියක් ධාවනය් වන්නේ නැහැ.

ඒ වෙනුවට Sunbury, Werribee සහ Williamstown දක්වා අමතර බස් සේවා යෙදවෙනු ඇති.

ජූනි 24 සහ 25 දිනවල එම ප්‍රදේශවල V/Line දුම්රිය සේවා ද ක්‍රියාත්මක නොවන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

මීට අමතරව West Gate උමං මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග අද (ජුනි 16) වනදා සිට ලබන අගෝස්තු 31 වනදා දක්වා මාර්ග කොටස් කිහිපයක් වසා තැබීමටද නියමිතයි.

SOURCE : https://www.9news.com.au/national/victoria-transport-residents-in-melbournes-west-told-to-work-from-home-ahead-of-planned-works/a0986df6-dafb-4b9d-a18b-38a452fd1462

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »