පෝටර් ඩේවිස් සියලුම ඉදිකිරීම් නිසි පරිදි අවසන් කරන බවට සහතිකයක්

පෝටර් ඩේවිස් ඉදිකිරීම් සමාගම කඩාවැටීමත් සමග ඇණහිටි සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති නිසි පරිදි අවසන් කරන බවට වික්ටෝරියා කළමණාකරණ රක්ෂණ අධිකාරිය (VMIA) සහතික වනවා.

ඒ අනුව සයිමන්ඩ්ස් (Simonds) සහ මෙට්‍රිකෝන් (Metricon) යන සමාගම් විසින් ඒ සඳහා සහය දෙන බවටයි පොරොන්දු වී ඇත්තේ.

පසුගිය මාර්තු 31 වනදා පෝටර් ඩේවිස් සමාගම විසින් ව්‍යාපාර කටයුතු අත්හිටුවන විට ඉදිකිරීම් 1,700 ක් පමණ ඔවුන් යටතේ ක්‍රියාත්මක වුණා.

ඒ අතුරින් 1100 ක පමණ වන්දි අනුමත කිරීම් දැනටමත් අවසන් කර ඇති අතර මේ වනවිටත් ඩොලර් මිලියන 03 ක පමණ වන්දි ගෙවා අවසන් කර ඇති බවයි වික්ටෝරියා කළමණාකරණ රක්ෂණ අධිකාරිය සඳහන් කලේ.

නිවාස 300 ත් 500 ත් අතර සංඛ්‍යාවක ඉදිකිරීම් අවසන් කර දෙන බවට මෙට්‍රිකෝන් සමාගම විසින් ප්‍රතිඥා දී තිබෙනවා.

එමෙන්ම මහා පරිමාණ ගොඩනැගිලි කිහිපයක ඉදිකිරීම් අවසන් කරදීමටයි සයිමන්ඩ්ස් සමාගම එකගතාවය පළකර ඇත්තේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »