වික්ටෝරියා බාලවයස්කාර අපරාධවල වැඩිවීමක් – තරුණ කල්ලි බිහිවීමද ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ බාලවයස්කරුවන් විසින් සිදුකරන අපරාධ සහ කොල්ලකෑම් වල ඉහළයාමක් නිරීක්ෂණය වී තිබෙනවා.

වයස අවුරුදු 10 ත් 14 ත් අතර කාණ්ඩය විසින් සම්බන්ධ වී ඇති සොරකම් සහ අපරාධ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් පමණ වැඩි වී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

වැඩිම බරපතල සිදුවීම් ගණනාවකට වගකිව යුතු වයස් කාණ්ඩය ලෙස හඳුනාගෙන ඇත්තේ වයස අවුරුදු 15 ත් 17 ත් අතර පසුවන්නන් බව සඳහන්.

නිවාසවල නතර කර ඇති මෝටර් රථ පැහැරගෙන ගොස් අධි වේගයෙන් ධාවනය කර මහමග අතහැර දමා යාම්වල කැපී පෙනෙන වැඩිවිමක්ද වික්ටෝරියා පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

පසුගිය මාස 03 දී පමණක් එවැනි සිදුවීම්වලට සම්බන්ධ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි සංඛ්‍යාලේඛනවල සඳහන් වන්නේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ අපරාධ කල්ලි බිහිවීමද ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත පොලිසිය තවදුරටත් අනාවරණය කර සිටිනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »