ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 03 ම ඔස්ට්‍රේලියාවට

වසර 39 කට පසු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව ඉතිහාසගතවී තිබෙනවා.

ඒ, එකම රටේ ක්‍රීඩකයින් තිදෙනෙකු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 03 ට පත්වෙමින්.

මෙලෙස නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක 01, 02, 03 ස්ථානවලට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්.

ඒ, ඉකුත්දා අවසන්වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය මානස් ලබුෂේන්, දෙවන ස්ථානට ස්ටිව් ස්මිත් සහ තුන්වන ස්ථානය ට්‍රැවිස් හෙඩ්ට හිමිව තිබෙනවා.

මෙලෙස එකම රටේ ක්‍රීඩකයින් තිදෙනෙකු ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිලත කිරීමක පළමු ස්ථාන 03 ට පත්ව තිබුණේ 1984 වසරේදීයි.

එහිදී පළමු ස්ථාන තුනට පත්වුණේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින්.

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් පුහුණු තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, අමෙරිකාවට එරෙහිවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »