දකුණු ඔස්ට්‍රේලියාවේත් මුද්දර සහනය ඉහළට

පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන්ට ලබාදෙන මුද්දර සහනය ඉහළ නැංවීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් 650,000 ක උපරිම වටිනාකමින් යුත් නිවසක් මිළදී ගැනීමේදී එම සහනය හිමිවන බවයි අද ඉදිරිපත් කෙරුණු ප්‍රාන්ත අයවැය ලේඛනයට අන්තර්ගත වී ඇත්තේ.

අධ්‍යාපනය – ප්‍රාන්ත පොලිසිය – මහා මාර්ග සහ ප්‍රවාහන අංශ නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන ගණනින් අමතර මුදල් වෙන් කිරීමද විශේෂත්වයක්.

ප්‍රාන්තයේ නිවාස සහ සුලු පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් 500 ක් බැගින් වන විදුලි බිල් ගාස්තු සහනයක්ද ලබාදීමටයි යෝජනා කෙරුණේ.

දකුණු ඔස්ට්‍රේලියා අයවැය පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් –

https://www.abc.net.au/news/2023-06-15/sa-budget-winners-and-losers/102454690

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »