
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 09 ත් 17 ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිළ රුපියල් 303 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 318 ක් ලෙසද සටහන් වී තිබුණා.
අද දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 307 ත් රුපියල් 315 ත් අතරත් – විකුණුම් මිල රුපියල් 327 ත් – 335 ත් අතර අගයක පවතින බවයි වාණිජ බැංකු සඳන් කලේ.

ලංකා බැංකුවේ ඩොලරයක ගැණුම් මිළ රුපියල් 315 ක් වන අතර විකිණුම් මිළ රුපියල් 335 ක් ලෙස පවතිනවා.
මහජන බැංකුවේ ගැණුම් මිළ රුපියල් 313 ක් වන අතර විකිණුම් මිළ පවතින්නේ රුපියල් 328 ක් ලෙසයි.

සම්පත් බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක් රුපියල් 311 කට මිළදී ගන්නා අතර අලෙවි කරනු ලබන්නේ රුපියල් 328 කටයි.