බලගතු චරිතයක් විසින් තමා ලිංගික හිංසනයකට ලක් කල බවට ස්වාධීන මන්ත්‍රිනී ලිඩියා තෝර්ප් අද ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී චෝදනා කලා.
පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ඇය ඊයේ දිනයේදීත් මෙලෙස චෝදනා මාලාවක් එල්ල කල අතර පසුව එය ඉවත් කරගැනීමටයි ඇය කටයුතු කලේ.
ලිඩියා තෝර්ප් විසින් කිසිදු පුද්ගලයෙකු නම් නොකල නමුත් මෙලෙස චෝදනා එල්ල වන්නේ ලිබරල් පක්ෂ සෙනෙට් සභික ඩේවිඩ් වෑන් වෙතයි.
තමාට එල්ලවන චෝදනා මුලුමුණින්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ඔහු අවධාරණය කර සිටිනවා.
මේ අතර එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු වන තුරු සෙනෙට් සභික ඩේවිඩ් වෑන් ට ලිබරල් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට සහභාගීවීම තහනම් කිරීමටයි විපක්ෂ නායක පීටර් ඩට්න් පියවර ගෙන ඇත්තේ.