Search

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පහළට – ශ්‍රම බලකාය පළමුවරට මිලියන 14 ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය මැයි මාසයේදී සියයට 0.1 කින් පහළගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට එය සියයට 3.6 ක් දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්තවල දැක්වෙන්නේ.

පසුගිය මාසයේදී අලුතින් රැකියා 76,000 ක් බිහිවී ඇති අතර රැකියා නොමැති පිරිස 17,000 කින් පමණ අඩුවී තිබීම මීට මූලික හේතුවයි.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය පළමුවරට මිලියන 14 ඉක්මවා ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල සඳහන් වන්නේ.

කෙසේවෙතත් අප්‍රේල් මාසයේදී සියයට 2.7 කින් ඉහළ ගිය රැකියා පැය ගණන මැයි මාසයේදී සියයට 1.8 කින් අඩුවී තිබෙනවා.

විරැකියා අනුපාතය පහළයාම මීළග පොළී අනුපාතික වෙනසටද යහපත් ලෙස බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »