Search

2023 LPL ඉහළම ලංසුව ඩිල්ශාන් මධුශංකට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වැඩිම මුදලකට අලෙවි ක්‍රීඩකයා බවට පත්වන්නට ඩිල්ශාන් මධුශංකට හැකියාව ලැබුණා.

ඔහු අමෙරිකානු ඩොලර් 92,000ක මුදලකට මිලදී ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹදී පැවැත්වූ අතර ඊට ඉදිරිපත් කළ දෙස් විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 360ක්.

ඊට දේශීය ක්‍රීඩකයින් 254 ක් සහ විදෙස් ක්‍රීඩකයින් 156 ක් දෙනෙකු ඇතුළත් වුණා.

මෙම වෙන්දේසියේදී අලෙවි වූ පළමු ක්‍රීඩකයා බවට පත් වුණේ ධනංජය ද සිල්වායි.

ඔහු අමෙරිකානු ඩොලර් 76,000ක මුදලකට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගත් අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.4කට ආසන්න වනවා.

අනතුරුව චරිත් අසලංක මිලදී ගන්නට කොළඹ, දඹුල්ල සහ ජැෆ්නා කණ්ඩායම් අතර තියුණු සටනක් නිර්මාණ වෙද්දී අවසානයේදී අමෙරිකානු ඩොලර් 80,000 මුදලකට සිය කණ්ඩායමට එක් කර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි දෙකහාමාර ඉක්මවනවා.

මීට අමතරව බිනුර ප්‍රනාන්දු ඩොලර් 76,000කට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගනිද්දී, දිනේෂ් චන්දිමාල් කැන්ඩි කණ්ඩායම විසින් ඩොලර් 72,000කට මිලදී ගත්තා.

දුෂ්මන්ත චමීර ඩොලර් 70,000 මුදලකට කැන්ඩි කණ්ඩායමට එක් කර ගනිද්දී,සධීර සමරවික්‍රම ඩොලර් 68,000ට දඹුල්ල කණ්ඩායම විසින් මිලදී ගැනීමත් කැපී පෙනුණා.

මූලික ලංසු මුදල ඩොලර් 20,000ක් වූ ඩිල්ශාන් මධුශංක කිසිවකු නොසිතූ ලෙසින් අමෙරිකානු ඩොලර් 92,000ක මුදලක මිලදී ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ මෙවර වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසින්.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 3කට ආසන්න වනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »