
මෙල්බන් දක්වා එවීමට සූදානම් කර තිබූ ඩොලර් බිලියන 1.7 ක් වටිනා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ටොන් 06 ක තොගයක් ඔස්ට්‍රේලියා – කැනඩා ඒකාබද්ධ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙය ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව මෙතෙක් සිදුකල දැවැන්තම මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙසටයි සැළකෙන්නේ.
කැනෝලා තෙල් බෝතල්වල සගවා මෙම අයිස් තොගය මෙල්බන් දක්වා එවීමටයි සූදානම් කර තිබී ඇත්තේ.

කිසියම් අයුරකින් මෙම සමස්ත මත්ද්‍රව්‍ය තොගය භාවිතයට ගනු ලැබුවේ නම් මත්ද්‍රව්‍ය පැකට් මිලියන 19 ක් පමණ සකස් කිරීමට හැකිව තිබූ බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු මෙල්බන් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ඇතැමුන් කැනඩාවේ අපරාධ කල්ලි සමග සබඳතා පවත්වන්නන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මෙල්බන් අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.