ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම සමාගම් 200 හි ප්‍රධානීන්ට 19% ක වැටුප් වැඩිවීමක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ව්‍යාපාරවල ප්‍රධාන විධායක නිළධාරීන්ට පසුගිය වසරේදී සියයට 15 ක වැටුප් වැඩිවීමක් ලැබී තිබෙනවා.

පුද්ගලික – පොදු සහ ලාභ නොලබන ආයතන 1,167 ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් ලබාගත් තොරතුරු අනුවයි මෙම දත්ත අනාවරණය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් වැටුප් වැඩිවීම් ලබාදෙනුයේ උද්ධමනයට සාපේක්ෂව වුවද මෙම වැටුප් වැඩිවීම උද්ධමන අගයට වඩා 03 ගුණයකට පමණ ආසන්නවීම මෙහිදී අවධානය යොමුකර ඇති ප්‍රධාන කරුණක් වනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම සමාගම් 200 හි ප්‍රධානීන් විසින් සියයට 19 කට ආසන්න වැටුප් වැඩිවීම් ලබාගෙන ඇති බවටද අනාවරණය කරගෙන තිබෙනවා.

ලබන ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ අවම වැටුප දැනට පවතින ඩොලර් 21.38 සිට ඩොලරඒ 23.23 දක්වා ඉහළ දැමීමටද නියමිතයි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »