ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් රැසක නැවතත් බිත්තර හිගයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් රැසක නැවතත් බිත්තර හිගයක් නිර්මාණය වී තිබෙනවා.

සැපයුම් අඩුවීමත් සමග බිත්තර මිළ කැපී පෙනෙන ලෙස ඉහළයාමක්ද පවතින බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

සති කිහිපයකට පෙර ඩොලර් 04 කට අලෙවි කෙරුණු බිත්තර ඇසුරුමක මිළ මේ වනවිට ඩොලර් 08 ත් 09 ත් අතර අගයක් දක්වා ඉහළගොස් ඇති බවද සඳහන්.

සුපිරි වෙළඳසැල් විසින් 2025 වසර වනවිට ක්‍රියාත්මක කිරීමට නියමිත තීරණයක් මීට සෘජුව බලපා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

විශේෂිත කූඩුවල රඳවා සිටින කිකිළියන් විසින් දමන ලද බිත්තර (caged eggs) 2036 වසර වනවිට අලෙවි කල නොහැකි බවටයි දැනට නිර්දේශ කර ඇත්තේ.

පරිසර හානිය අවම කිරීමයි එහි අරමුණ වන්නේ.

කෙසේවෙතත් නව ක්‍රමවේදයකට යොමුවීමට මෙම කාලය ප්‍රමාණවත් නැතැයි ඔස්ට්‍රේලියා බිත්තර නිෂ්පාදකයන් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ දැනට නිෂ්පාදනය කරන බිත්තර අතුරින් අඩකට වැඩි ප්‍රමාණයක් caged eggs බවයි පැවසෙන්නේ.

එමෙන්ම සුපිරි වෙළඳ සැල්වල අලෙවි කරන බිත්තර අතුරින් සියයට 40 ක්ම එම බිත්තර බවටද වාර්තා වනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »