Search

නාවුරු දූපතේ අනවසර සංක්‍රමණිකයන් ගැන ෆෙඩරල් රජයෙන් අවසන් තීන්දුවක්

නාවුරු දූපතේ දැනට රඳවා සිටින අනවසර සංක්‍රමණිකයන් පිරිසද ලබන 30 වනදා වනවිට ඉන් ඉවත් කර ගැනීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

දැනට එහි ඉතිරිව සිටිනුයේ සරණාගතභාවය අපේක්ෂා කරන්නන් 12 දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලු දෙනා බ්‍රිස්බන් දක්වා රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව ඔවුන් කෙටි කලක් හෝටල් රැඳවුම් භාරයේ තබා Bridging වීසා අයදුම් කිරීමට අවස්ථාවක් ලබාදෙනු ඇති.

අදාළ සංක්‍රමණිකයන්ට වීසා හිමිවීමෙන් අනතුරුව රැකියාවක් සොයා ගැනීමට පවා ඉඩකඩ විවර වන බවයි සංක්‍රමණ උපදේශකයන් සඳහන් කර ඇත්තේ.

අනවසර සංක්‍රමණික ගැටලුව වහා විසඳීමේ ලේබර් පක්ෂ යෝජනාවලිය යටතේයි මෙලෙස නාවුරු දූපතෙන් අනවසර සංක්‍රමණිකයන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත්තේ.

නාවුරු දූපතෙන් අනවසර සංක්‍රමණිකයන් ඉවත් කර ගැණුනද පැපුවා නිව් ගිනියාවේ පවත්වාගෙන යන සරණාගත කඳවුරෙහි අනවසර සංක්‍රමණිකයන් 82 දෙනෙකු තවමත් රඳවනු ලැබ සිටිනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »