අද දකුණු ඔස්ට්‍රේලියා අයවැයෙන් වාර්තාගත අයවැය හිගයක්

අද ඉදිරිපත් කෙරෙන දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අයවැය ලේඛනයෙන් ඩොලර් මිලියන 249 ක වාර්තාගත අයවැය හිගයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

පසුගිය දෙසැම්බරයේදී පුරෝකථනය කර තිබුණේ ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 200 ක අයවැය අතිරික්තයක් වාර්තා කරනු ඇති බවයි.

එහෙත් ගංවතුර – අමතර සෞඛ්‍ය වියදම් සහ වෙනත් අනපේක්ෂිත වියදම් හමුවේ අයවැය හිගයක් සටහන් කිරීමටයි දකුණු ඔස්ට්‍රේලියා රජයට සිදුවී ඇත්තේ.

මේ අතර බලශක්ති ගාස්තු සඳහා සහනයක් මෙන්ම ගිලන්රථ ප්‍රමාදය වළක්වාලීමට වැඩි ප්‍රතිපාදන ද අද අයවැයට ඇතුළත් කෙරෙනු ඇති බව සඳහන්.

එමෙන්ම අධ්‍යාපනය වෙනුවෙන්ද වැඩි මුදල් ප්‍රමාණයක් අද අයවැයෙන් වෙන් කිරීමට නියමිතයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »