
වත්මන් සහ හිටපු සේවකයන් 1,000 කට වැඩි පිරිසකට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුව සේවකයන් 1,173 දෙනෙකුට මෙලෙස ගෙවීමට නියමිත හිග වැටුප් ප්‍රමාණය ඩොලර් මිලියන 1.15 ක්.
මෙයින් බහුතරයක් හිටපු සේවකයන් වන අතර දීමනා ගණනයේදී සිදුවූ අත්වැරදීමක් මීට හේතුවී ඇති බව සඳහන්.

මෙම දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි ෆෙඩරල් සංචිත බැංකුව අවධාරණය කර සිටින්නේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාගම් – බැංකු සහ සුපිරි වෙළඳසැල් ජාල විසින් සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවන බවයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වූයේ.
