සිඩ්නි මාර්ග තදබද බදු යෝජනාව ඉවතට

සිඩ්නි නගරයට ඇතුලුවන රථවාහනවලින් නව මාර්ග තදබද බද්දක් (congestion tax) අය කිරීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ඉවත දමා තිබෙනවා.

එමෙන්ම දැනට ගාස්තු (toll) අය නොකරන මාර්ගවලින් ගාස්තු අය කරන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාවද පිළි නොගන්නා බවයි ප්‍රාන්ත මහාමාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් අවධාරණය කලේ.

සිඩ්නි නගරයේ මාර්ග පද්ධතිය සංවර්ධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවක් විසිනුයි මෙම නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ.

දැනටමත් මාර්ග ගාස්තු ලෙස ලොව වැඩිම මුදලක් අය කරන නගර අතර සිඩ්නි නගරයේ ඉහළම ස්ථානයක සිටින බවත් එය වෙනස් කිරීම තම අපේක්ෂාව බවත් මාර්ග ඇමතිවරයා ප්‍රකාශ කලා.

පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදි ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වන සතියක උපරිම මාර්ග ගාස්තුව ලෙස ඩොලර් 60 ක මුදලක් අය කිරීමේ යෝජනාව ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවටද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මහාමාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් ප්‍රතිඥා දෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »