
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන චීස් විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල අලෙවියට තබා ඇති That’s Amore Cheese විසින් නිෂ්පාදනය කරන Burrata සන්නාමය යටතේ අලෙවි කරන ග්‍රෑම් 125 ක බරකින් යුත් මෘදු චීස් විශේෂයකුයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.
ලිස්ටීරියා නම් බැක්ටීරියාව ව්‍යාප්ත වීමේ අවධානමක් හේතුවෙන් මෙම චීස් විශේෂය පරිභෝජනයෙන් වළකින ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මෙහි කල් ඉකුත්වීමේ දිනය ලෙස ලබන 22 වනදා යොදා තිබූ අතර කිසියම් අයෙකු එය දැනටමත් ආහාරයට ගෙන ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසටයි දන්වා සිටින්නේ.
මිළදී ගෙන ඇති දැනටමත් පරිභෝජනය කර නොමැති නිෂ්පාදන අදාළ වෙළඳසැල් වෙත භාර දී මුදල් ආපසු ලබා ගැනීමටද හැකියාව පවතිනවා.
