
වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත්කර ගිනස් ලෝක වාර්තාවක් තැබීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා.
මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක බරකින් යුක්ත බව සඳහන්.
මෙතෙක් පැවති ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ දක්වා හමුවී තිබූ දිගම වකුගඩු ගල 2004 වසරේදී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී සොයාගෙන තිබුණා.

එය සෙන්ටිමීටර 13 ක දිගකින් සමන්විත වුණා.
බරින් වැඩිම වකුගඩු ගල 2008 වසරේ පකිස්ථානයෙන් හමුවී ඇති අතර එය ග්‍රෑම් 620 ක් ලෙසයි තක්සේරු කර තිබුණේ.
