මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හටගෙන තිබූ ප්‍රමාදය යථා තත්වයට පත් කර තිබෙනවා.
ආරක්ෂක පරීක්ෂාවෙන් තොරව ගුවන් මගියෙකු ඉදිරියට ගොස් ඇතැයි වාර්තාවීමත් සමගයි ආරක්ෂක ගේට්ටු (security gates) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණේ.
ඒ අනුව තරමක ප්‍රමාදයක් හටගෙන තිබූ අතර දිගු පෝලිම් තත්වයක්ද නිර්මාණය වී තිබූ බව සඳහන්.
කෙසේවෙතත් කිසිදු ආරක්ෂක බිඳ වැටීමක් සිදුවී නැතැයි තහවුරු කරගැනීමත් සමග යළිත් ආරක්ෂක ගේට්ටු විවෘත කිරීමට මෙල්බන් ගුවන් තොටුපළ බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය කාලසටහන් අනුව මේ වනවිට ගුවන් ගමන් ක්‍රියාත්මක බවයි මෙල්බන් ගුවන් තොටුපළ නිවේදනය කර සිටින්නේ.