
තමාට එරෙහි චෝදනාවලට තමන් නිවැරදිකරු බවට අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයේ ලේඛණ පරිහරණය සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා 37 ක් ගොණු කර ඇත්තේ.
ඊට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නුවර ෆෙඩරල් අධිකරණයක් හමුවේ පෙනී සිටියා.

වරද පිළි නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගය ආරම්භ කරන දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඔහුට කිසිදු ඇපයක් හෝ සංචාරක තහනමක් පණවා නොමැති බවයි අමෙරිකානු වාර්තාවල දැක්වෙන්නේ.
