ඔස්ට්‍රේලියානුවන් නිසි පරිදි ආදායම් බදු ගෙවන්නේ දැයි පරීක්ෂා කිරීම පුළුල් කරයි

ඔස්ට්‍රේලියානුවන් නිසි පරිදි ආදායම් බදු ගෙවන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ අනුව දේපල කළමනාකරුවන් / ඉඩම් හිමියන් සඳහා රක්ෂණ සපයන්නන් සහ නේවාසික ආයෝජන දේපල සඳහා ණය ලබා දෙන ආයතනද ඊට යටත් කර තිබෙනවා.

හවුල් ආර්ථික සේවා සපයන්නන් සහ ආදායම් ආරක්ෂණ රක්ෂණ සේවාද බදු නිරීක්ෂණ ක්‍රියාවලියට යටත් වනු ඇති.

කුලී දේපල හිමිකරුවන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම ඔවුන්ගේ බදු ප්‍රතිලාභය වැරදි ලෙස ලබා ගන්නා බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාල වාර්තා තහවුරු කරනවා.

ලබන ජූලි 01 වනදා සිට මෙය ආරම්භ වන අතර අධියර දෙකකින් බලාත්මක කෙරෙනු ඇති.

කුලී රථ සේවා සහ කෙටි කාලීන නවාතැන් සේවා සපයන ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් ලබන ජූලි 01 සිට සිය ආදායම් දත්ත වාර්තා කළ යුතුයි.

CREDIT – SBS

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »