ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව ප්‍රධාන පක්ෂවලින් ඉවත්වීමේ ප්‍රවණතාවයක

වයස අවුරුදු 16 සම්පූර්ණ කල ඔස්ට්‍රේලියානු තරුණයන්ටත් ඡන්ද අයිතිය ලබාදීමට අදාළ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

Make it 16 ලෙස එය නම් කර ඇති අතර ෆෙඩරල් මන්ත්‍රීවරුන් පිරිසකුයි ඊට මුල පුරා ඇත්තේ.

ප්‍රතිපත්ති සම්පාදනයේදී තරුණ තරුණියන්ගේ අදහස් ද වැඩි වශයෙන් ලබාගත යුතු බවට වන මතයත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් සමාරම්භක උත්සවයට පාලක ලේබර් පක්ෂයෙන් හෝ විපක්ෂ ලිබරල් සන්ධානයෙන් කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවීමද විශේෂත්වයක්.

ග්‍රීන්ස් පක්ෂයෙන් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් පමණක් ඊට සහභාගී වී තිබුණා.

මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත්වීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »