
නව පාපන්දු ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කරන බවට ටස්මේනියා ප්‍රාන්ත රජයට චෝදනා එල්ල වනවා.
මීට අදාළව ලැබී ඇති අනුමැතීන් සහ වියදම් පිළිබඳ විස්තර වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
AFL පාපන්දු ලීග් තරගාවලිය ඉලක්ක කර නව ක්‍රීඩා සමාජයක් ස්ථාපිත කිරීම මූලික කරගෙනයි ඩොලර් මිලියන 715 ක වටිනාකමින් යුත් නව ක්‍රීඩාංණය ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් දැනටමත් හෝබාර්ට හි පාපන්දු ක්‍රීඩාංගණයක් ඇති බැවින් මෙම වියදම මුදල් නාස්තියක් බවටද චෝදනා එල්ලවනවා.
