මානසික හානි වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි වික්ටෝරියා රජයට නිර්දේශ

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී විවිධ පීඩනයන්ට ලක්වූ රෝගීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත රජයට නිර්දේශයක් ලැබී තිබෙනවා.

මින් ඉදිරියට එවැනි සිදුවීම් වළක්වා ගැනීම සහ සිදුවූ හානි සඳහා වන්දි පිරිනැමීම ඇතුලු යෝජනා 06 ක් ඊට අන්තර්ගතයි.

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය සේවා නංවාලීම වෙනුවෙන් නිර්දේශ ලබාදීම සඳහායි ප්‍රාන්ත රජය විසින් මෙම විද්වත් කමිටුව පත්කරනු ලැබුවේ.

කිසියම් අයුරකින් මෙම නිර්දේශ සියල්ල ඉටු කරන බවට වික්ටෝරියා රජය විසින් ප්‍රකාශ කලහොත් මානසික හානි වෙනුවෙන් සමාව අයදින පළමු ප්‍රාන්ත රජය බවටද ඔවුන් පත්වනවා.

මෙම වාර්තාවේ නිර්දේශ සළකා බැලීම සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කර ඇත්තේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »