ක්වීන්ස්ලන්ඩ් kindergarten ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නොමිළයේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පෙර පාසල් (kindergarten) අධ්‍යාපනය ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නොමිළයේ ලබාදීමට ප්‍රාන්ත රජය යෝජනා කර තිබෙනවා.

අද ඉදිරිපත් කෙරුණු ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණයෙන් ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 645 ක්.

එමෙන්ම වසර 04 ක් සඳහා ක්වීන්ස්ලන්ඩ් පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් බිලියන 02 ක මුදලක්ද වෙන් කර තිබෙනවා.

මේ හරහා ක්වීන්ස්ලන්ඩ් හි පවුල් 14,000 කට පමණ වසරකදී ඩොලර් 4,600 ක් බැගින් වන සහනයක් හිමිවනු ඇති බවට තක්සේරු කර ඇත්තේ.

පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතු ළදරුවන් 8,000 ක් පමණ ඉහළ වියදම හමුවේ ඒ සඳහා යොමුවී නොමැති බවට වන වාර්තා සැළකිල්ලට ගෙනයි ප්‍රාන්ත රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »