ලාංකික සම්භවයක් ඇති ලේබර් මන්ත්‍රීනියගේ ප්‍රකාශය අසත්‍යයක්

පාලක ලේබර් පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීනී වෛද්‍ය මිෂෙල් ආනන්දරාජා ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශයක් අසත්‍ය බවට තහවුරු කර තිබෙනවා.

මෑතකදී පැවති රූපවාහිනී වැඩසටහනකදී ඇය පවසා තිබුණේ ඔස්ට්‍රේලියාව තුළ නිවසක් නොමැතිව රාත්‍රියේ මහමග නිදාගන්නා පිරිස 122,000 කට ආසන්න බවයි.

ඉන් සියයට 85 ක් පමණ කාන්තාවන් බවද – සෑම 07 දෙනෙකුගෙන් අයෙකුම වයස අවුරුදු 12 ට අඩු ළමුන් බවද ලේබර් මන්ත්‍රීනී වෛද්‍ය මිෂෙල් ආනන්දරාජා පවසා තිබුණා.

කෙසේවෙතත් මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති තොරතුරු සත්‍යදැයි තහවුරු කරගන්නා විමසීමකදී (Fact Check) හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරිය විසින් මෙලෙස යොදාගෙන ඇත්තේ 2021 සංගණන දින රාත්‍රියේ නිවසක් නොමැතිව මහමග නිදාගෙන සිටි පිරිසෙහි සංඛ්‍යාව බවයි.

එය 122,494 ක් බව සත්‍යයක් නමුත් සැබෑ ලෙසම නිවසක් නොමැති පිරිස 7,636 ක් වැනි අගයක් බව ද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම පිරිසෙන් බහුතරය හෙවත් සියයට 57 කට ආසන්න පිරිසක් පුරුෂන් බවද අවුරුදු 12 ට අඩු ළමුන්ගේ ප්‍රතිශතය සියයට 03 ක් වැනි අඩු අගයක් ගන්නා බවද සඳහන්.

SOURCE : https://www.abc.net.au/news/2023-06-13/fact-check-michelle-ananda-rajah-homelessness/102462074

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »